1505 පෘතුගීසින් ලංකාවට ගොඩබසින විට ලක්දිව දේශපාලනික තත්ත්වය ගිලිහී ගියත් පෘතුගීසින් ලක්දිව දේශපාලනික ඒකාබද්ධතාවය ගිලිහී පැවතියත් පෘතුගීසින් ලක්දිව රාජ්‍ය කෙරෙහි බල ලෝභීත්වයෙන් නොබැලුහ.ඊට හේතු වූයේ පෘතුගීසින් ලක්දිවට පැමිණි මුල් යුගයේ ඔවුනට අවශ්‍ය වූයේ ආගමික අරමුණු ඉටු කර ගැනීම වූ බැවිනි.මොවුන් විශේෂ වන්නේත් අවිගත් වෙළද පිරිසක් වන නිසාවෙනි . නමුත් 1521 සිදුවූ විජයබා කොල්ලය සමග මේ තත්ත්වය වෙනස් විය .පෘතුගීසින් ලක්දිවට පැමිණෙන විට කෝට්ටේ පාලකයා වූයේ 8වන වීර පරාක්‍රමබාහු රජු වන අතර 8වන වීර පරාක්‍රමබාහු 1509දී මිය ගියේය .ඔහුගේ මරණයෙන් අනතුරුව කෝට්ටෙ බලයට පත්වූයේ ඔහුගේ පුත් 6වන විජයබාහු ය.6වන විජයබාහු තම පුතුන් තිදෙනාට හොරෙන් දේවරාජ නම් හදාවඩාගත් කුමාරයෙකුට රජකම ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම නිසා එම කුමන්ත්‍රණය දැනගත් 6වන විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වූ බුවනෙකබාහු ,රයිගම් බණ්ඩාර ,මායාදුන්නේ යන කුමරුවන් එවකට උඩරට රාජ්‍ය පාලකයා වූ වීදිය බණ්ඩාරගෙන් උපකාරක හමුදාවක් ලබාගෙන කැලණිය ප්‍රදේශයෙහි වාඩිලාගනු ලැබීය .අනතුරුව මාළිගෙට ඇතුළු වූ මෙම කුමරුවන් සිය පියාව ඝාතනය කොට 1521දී කෝට්ටේ ,රයිගම ...