සීතවක රාජධානිය
සීතාවක රාජදානියේ නැගීම.
රණ්ශූරී මායාදුන්නේ අතින් මෙම රාජදානිය නැගීම සිදු විය.
භූගෝලීය හේතු සාධක මෙම රාජ්‍ය නැගීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.
ගිරි දුර්ග ,වන දුර්ග ,ජල දුර්ග යන භූගෝලීය සාධක වලින් සමන්විත වීමත්,ඉහත භූගෝලීය බාධක උපයෝගීකරගෙන සිදුවූ ගරිල්ලා සටන් හේතුවෙනුත් සීතාවක රාජ්‍ය නැගීම සිදුවිය .
1557 ධර්මපාල කුමරු කතෝලික ආගම වැළදීමෙන්පසු පසු භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ රැගෙන සීතාවකට පැමිණීම .
කෝට්ටේ රාජ්‍ය තුල බටහිර සිරිත් විරිත් සම්ප්‍රදායයන් පැතිරීමත් සමග සිංහලයන්ගේ චිරාගත සම්ප්‍රදායයන් ආරක්ෂා කරන එකම ස්ථානය සීතාවක රාජ්‍ය වීම වර්ධනය කෙරෙහි හේතු වීම.
අලිඇතුන් ගැවසෙන වැඩි භූමි ප්‍රදේශයක් හා කුළුබඩු වගා කෙරෙන භූමි ප්‍රදේශයෙක් සීතාවක රාජ්‍යයට අයත් වීම සීතාවක රාජ්‍ය නැගීම කෙරෙහි බලපෑවේය.
රයිගම් බණ්ඩාරගේ මරණයත් සමග රයිගම් රාජ්‍ය සීතාවකට ඈදා ගැනීම.
එමෙන්ම මායාදුන්නේගේ හා 1වන රාජසිංහගේ රණ්ශූරීත්වය සීතාවක රාජ්‍ය වර්ධනය කෙරෙහි බලපෑම.
1562 සිදුවූ මුල්ලේරියා සටන සමග පෘතුගීසින් අන්තපරාජයකට පත් වීම සීතාවක රාජ්‍ය නැගීම කෙරෙහි හේතු වීම.
කරල්ලියැද්දේ බණ්ඩාර සිහසුනෙන් පහකොට උඩරට රාජ්‍යයද කන්දඋඩරට රාජ්‍යයද සීතාවකට ඈදා ගැනීම ද හේතු විය.
සීතාවක රාජ්‍ය සමග ගැටීමට තරම් බලසම්පන්න තවත් රාජ්‍යයක් නොමැති වීමද සීතාවක රාජ්‍ය වර්ධනය කෙරෙහි බලපෑම
ඉතිහාසය කදිමට ගොනු කරලා තියෙනවා ..
ReplyDeleteSuperb
ReplyDeleteMata mulleriya satanata hethu dakvanna puluvanda
ReplyDelete