සීතාවක රාජදානියේ පරිහානිය
සීතාවක රාජදානියේ පරිහානිය කෙරෙහි නොයෙක් ආගමික සංස්කෘතික දේශපාලනික භූගෝලීය සමාජීය හේතු සාධක බලපානු ලැබීය.
සීතාවක රාජධානිය පරිහානිය කෙරෙහි බලපෑ භූගෝලීය හේතු සාධක අතර සීතාවක රාජධානියට ඕනෑවට වඩා විශාල භූමි ප්‍රදේශයක් අයත් වීම එහි පරිහානිය කෙරෙහි බලපා තිබේ .ඒ හැරුණු විට සීතාවක රාජධානියට වඩා ආරක්ෂිත රාජ්‍යයක් වූ කන්ද උඩරට් රාජ්‍ය සීතාවක රාජදානියට එක් කර ගැනීමත් එසේ එක් කරගැනීමෙන් අනතුරුව උඩරට රාජ්‍ය මුල් කොටගෙන ඊට වඩා ආරක්ෂාවෙන් අඩු සීතාවක සිටම උඩරට පාලනය කිරීමටත් උත්සාහ ගැනීම සීතාවක රාජ්‍ය පරිහානිය කරා හේතු විය.ඊට හේතු වන්නේ ආරක්ෂාවෙන් අඩු රාජ්‍යයක සිට ආරක්ෂාවෙන් වැඩි රාජ්‍යයකින් එල්ල වන කැරලි මර්දනය කිරීමට අපහසු වීමයි.
සීතාවක රාජ්‍ය පරිහානිය කෙරෙහි ආගමික වශයෙන් හේතු සාදක බලපා තිබේ.එනම් සීතාවක පාලක 1වන රාජසිංහ ශිව ආගම වැළදගෙන භික්ෂු ඝාතන සිදු කිරීමත් සමග
සිංහල බෞද්ධ ජනතා සහය එවකට බුදුදහම ආරක්ෂා කරන රාජ්‍ය වශයෙන් ඉස්මතු වූ 1වන විමලධර්මසූරිය යටතේ සංවර්ධනයට පත් වූ කන්දඋඩරට රාජධානිය වෙත යොමුවීම සීතාවක රාජ්‍ය පරිහානිය කෙරෙහි බලපා තිබේ .
සීතාවක රාජ්‍ය කෙරෙහි නොයෙක් ආර්ථික හේතු සාධකද බලපා තිබේ.එනම් දීර්ඝ කාලයක් යුද්ධ ව්‍යාපාරවල නියලුනා මිස ආර්ථික සැලසුම් කිසිවක් ක්‍රියාත්මක නොකිරීමත් යුද්ධ සදහා විශාල මුදලක් වැයවීමත් සීතාවක රාජ්‍ය පරිහානිය කෙරෙහි බලපා තිබේ.කෘෂිකර්මාන්තයට වෙළදාම අදියට බලපෑම් ඇති වීම නිසා ආර්ථික ක්ෂේත්‍රය පරිහානි කර තත්ත්වය සීතාවක රාජ්‍ය පරිහානිය කෙරෙහි ද බලපා තිබේ .
නොයෙක් සාමාජීය හේතු හා සංස්කෘතික හේතු ද සීතාවක රාජ්‍ය බිද වැටීම කෙරෙහි බලපා තිබේ .1වන රාජසිංහ රජු ශිව ආගම වැළදීමෙන්පසු දේශීය චිරාගත සම්ප්‍රදායයන් සංස්කෘතිය ආරක්ෂා කරන රාජ්‍ය ලෙස ඉස්මතු වූ1වන විමලධර්මසූරිය යටතේ සංවර්ධනය වූ කන්දඋඩරට රාජදානිය කෙරෙහි දේශීය ජනතා සහය ලැබීම සීතාවක රාජ්‍ය බිද වැටීම කෙරෙහි හේතු විය .
සීතාවක රාජ්‍ය බිද වැටීම කෙරෙහි දේශපාලනික හේතු ප්‍රධාන විය.සීතාවක රාජ්‍ය අවශ්‍යතාවයට වඩා රණ්ශූරීත්වය මත බිහිවූ රාජ්‍යයක් වීම එහි පරිහානිය කෙරෙහි බලපා තිබේ.
සීතාවකට විරුද්ධව 1වන විමලධර්මසූරිය රජු යටතේ කන්දඋඩරට රාජ්‍ය ඇතිවූ වර්ධනයත් උඩරටින් සීතාවකට එල්ල වූ ආක්‍රමණත් එහි පරිහානිය කෙරෙහි බලපා තිබේ .හත් කෝරලය පාලනය කල ජෝතියබණ්ඩාර නම් කුමාරයෙකු ඇති කරන ලද කැරැල්ල සීතාවක රාජධානිය පරිහානිය කෙරෙහි බලපෑ ප්‍රධාන දේශපාලනික හේතු සාධකය විය.1වන රාජසිංහ ගෙන් පසු සීතාවක රාජ්‍යයට නීත්‍යානුකූල උරුමකරුවකු නොමැති වීමත් මන්නම් පෙරුම මොහොට්ටාල පදවිය දැරූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් නම් ශිව භක්තිකයා පෘතුගීසින්ට පක්ෂපාතී වීමත් සමග සීතාවක රාජ්‍ය බිද වැටිණි .
Comments
Post a Comment