පෘතුගීසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීම.
ශත වර්ෂ එක හමාරක් වැනි කාලයක් (1505-1658)මෙරට මුහුදු බඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට නතු විය.කෙසේ වෙතත් 1597 වන විට මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල නීත්‍යානුකූල උරුම කරුවන් බවට පත් විය.
ක්‍රි.ව 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබසින ලැබූ වස්කෝදගාමා ප්‍රකාශ කරනු ලැබුවේ "අපි මෙහි පැමිණියේ කුළු බඩු හා ක්‍රිස්තියන් කාරයන් සොයාය". ඒඅනුව පෘතුගීසින් පෙරදිගට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථ අතර ආගමික පරමාර්ථයන්ද වූ බව පැහැදිලිය.පෘතුගීසින් පෙරදිගට පැමිණීම කෙරෙහි බලපෑ ආගමික පරමාර්ථ අතර යුරෝපයෙහි ඇතිවූ කුරුස යුද්ධය හේතු කොටගෙන එනම් ආගමික හේතු සාධක පදනම් කොටගෙන ඉස්ලාම් භක්තිකයන් හා කතෝලික භක්තිකයන් අතර ඇති වූ යුද්ධ හේතු කොටගෙන දිගින් දිගටම කතෝලික භක්තිකයන් පරාජයට පත් වීම නිසා යුරෝපයෙහි බිදවැටුනු ක්‍රිස්තියානි ධර්මය පෙරදිග රටවල ක්‍රියාත්මක කිරීම පෘතුගීසින් පෙරදිගට පැමිණීමට බලපෑ ප්‍රධාන ආගමික හේතු සාධකය වේ.
පෘතුගීසින් ඉන්දියාවේ ආගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල අතර ඊට සමාන ප්‍රතිපත්තියක් ලංකාවේද අනුගමනය කරන ලදී.ලොරොන්සෝද අල්මේදාගේ නැවෙහි පෘතුගීසි පූජකවරුන් සිටි අතර ඔවුන් එකල සිටි රජවරුන්ගෙන් ඉල්ලා සිටියේ දෙවියන් යැදීමට පල්ලියක් ඉදිකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.කෝට්ටේ රාජදානියේ පැවති දේශපාලනික අසමගිය පෘතුගීසින්ට ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේදී වැදගත් විය .ධර්මපාල 1543දී අනාගත පාලකයා වශයෙන් අභිශේක කිරීමෙන් පසු ලක්දිවට අවශ්‍ය පූජකවරුන් එවනු ලැබීය .බුවනෙකබාහුගෙන් අනතුරුව බලයට පත් වූ ධර්මපාල කුමරු 1557 දී කතෝලික ආගම වැළදගන්නා ලදී.මෙකල ජෝද විලා ප්රමුඛ ප්රැන්සිස්කානු පූජකවරු 05 දෙනෙකු ලක්දිවට එවනු ලැබීය .මෙහිදී
*කතෝලිකයන් සදහා මරාල බද්ද අහෝසි කිරීම
*කතෝලිකයන් සදහා බදු සහන ලබා දීම
*කතෝලිකයන්ට කුල බේදය නොසලකා හැරීම
*කතෝලිකයන් සදහා උසස් තනතුරු දීම
*කතෝලිකයන් සමාජයේ ඉහළ සමාජ තත්ත්වයක් ආරෝපණය කිරීම
වැනි සෑම ක්‍රියාවක් මගින්ම මෙරට මුහුදු බඩ ප්‍රදේශය වල කතෝලික ආගම ව්‍යාප්ත විය.
ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාෂාවෙන් පොත පත ලියූ පෘතුගීසි පූජකවරයෙකි.මීට අමතරව කුල බේදය නොසලකා හැරීම ඉරිදා දින සියළු දරුවන්ට පල්ලියේ අධ්‍යාපන ලබා දීම සමාජ චාරිත්‍ර වාරිත්‍ර සිත්ගන්නා සුළු වීම විවාහය මරණය වැනි ජිවිතයේ වැදගත් අවස්ථා ආගමික රිද්මයකට අනුව සිදු කිරීම ආදි පෘතුගීසින් අනුගමනය කල ආගමික ප්‍රතිපත්තිය හේතුකොටගෙන මෙරට මුහුදු බඩ ප්‍රදේශයේ පැවති පාරම්පරික ආගම් යටපත් කොටගෙන කතෝලික ආගම සීඝ්රයෙන් ව්‍යාප්ත වී ඇත.මේ බව ලන්දේසින් පෘතුගීසින්ගෙන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ නිදහස් කරගන්නා විට 250,000 කතෝලික භක්තිකයන් පිරිසක් මෙරට සිටි බව සදහන් වීමෙන්ද වර්තමාන ක්‍රිස්තියානි භක්තිකයන් 80%ක් රෝමානු කතෝලිකයන් වීමේන්ද පැහැදිලි වේ..
ReplyDelete