පෘතුගීසීන්ගේ පැමිණීම
ක්පෘතුගීසින් පෙරදිගට පැමිණීම කෙරෙහි නොයෙක් දේශපාලනික ආර්ථික හා ආගමික හේතු සාධක බලපා තිබේ . යුරෝපයෙහි 13,14,15 ශතවර්ෂ වන විට කොන්ස්තෝතිනෝපල් නගරය අවට ප්‍රදේශයෙහි ආගමික හේතු සාදක පදනම් කොට ගෙන ඉස්ලාම් භක්තිකයන් සහ කතෝලික භක්තිකයන් අතර යුද්ධ ඇති වී තිබේ.එම යුද්ධ පොදුවේ කුරුස යුද්ධ යනුවෙන් හැදින්වේ.1453 ඇති ඌ කුරුස යුද්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් විසින් කතෝලික භක්තිකයන්ව පරාජයට පත් කිරීම නිසා කතෝලිකයන් අත පැවති කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අතට හෙවත් මුස්ලිම්වරුන් අතට පත් විය.කොන්ස්තන්තිනෝපල් නගරය පැරනි රෝම අධිරාජ්‍යයේ අගනගරය වන අතර එය ආධිකාලයේ සිට ශාස්ත්‍රීය මධ්යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධත්වයක් උසුලනු ලැබීය.මෙම කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අතට පත් වීම පෘතුගීසින්ට පෙරදිගට සංක්‍රමණය වීම කෙරෙහි හේතු විය.යුරෝපයෙ මස් ප්‍රධාන ආහාරයක් වීම නිසා මස් කල් තබා ගැනීමේදි සහ ආහරයට සකසා ගැනීමේදි පෙරදිග රටවල නිෂ්පාදන කල කුළු බඩු යුරෝපට අත්‍යවශ්‍ය භාණ්ඩයක් විය.සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ අරාබි වෙළදුන් පෙරදිගට් පැමිණ කුළු භඩු ඇතුලු පෙරදිග නිෂ්පාදනය කළ භාණ්ඩ රතු මුහුද හෝ මධ්‍යධරනී මුහුද ඔස්සේ කොන්ස්තන්තිනෝපල් නගරයට ගෙනගිය අතර කොන්ස්තන්තිනෝපල් නගරයට පැමිණි යුරෝපීය වෙළදුන් එම භාණ්ඩ මිලදී ගෙන තවලම් මාර්ගයෙන් යුරෝපය පුරා බෙදාහරින ලැබීය .නමුත් 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය මුස්ලිම් වරුන් අතට පත්වීමත් සමග භාණ්ඩ හිගයක් මවාපාමින් අයකරන බදු ප්‍රමාණය ඉහල දැමීය.මේ නිසා අඩු මිලකට කුරුදු ගැනීමට පෘතුගීසින් පෙරදිගට පැමිනීමට හේතු විය.
1488 බර්තෝමිදියෙස් සුබපතනා තුඩුවට පැමිණි අතර මුහුද මාර්ග උපයෝගී කරගත් වස්කෝදගාමා 1498දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබැසීමත් සමග පෘතුගීසින් පෙරදිගට පැමිණීමේ සිහිනය සැබෑ විය.1498 කැලිකට් වරායට ගොඩබසිනු ලැබු වස්කෝදගාමාගේ ප්‍රකාශය වූයේ"අපි මෙහි පැමිනියේ කුළු බඩු සහ ක්‍රිස්තියන් කාරයන් සොයාය".
Important article...
ReplyDeleteඅතීත කරුණු පැහැදිළිව දක්වා තිබීම වටිනවා.නියමයි👌
ReplyDeleteගොඩාක් වැදගත් ලිපියක් ��
ReplyDeleteGreat article
ReplyDelete