විජයබා කොල්ලය හා පෘතුගීසින් ගේ බලපෑම.

1505 පෘතුගීසින් ලංකාවට ගොඩබසින විට ලක්දිව දේශපාලනික තත්ත්වය ගිලිහී ගියත් පෘතුගීසින් ලක්දිව දේශපාලනික ඒකාබද්ධතාවය ගිලිහී පැවතියත් පෘතුගීසින් ලක්දිව රාජ්‍ය කෙරෙහි බල ලෝභීත්වයෙන් නොබැලුහ.ඊට හේතු වූයේ පෘතුගීසින් ලක්දිවට පැමිණි මුල් යුගයේ ඔවුනට අවශ්‍ය වූයේ ආගමික අරමුණු ඉටු කර ගැනීම වූ බැවිනි.මොවුන් විශේෂ වන්නේත් අවිගත් වෙළද පිරිසක් වන නිසාවෙනි .

නමුත් 1521 සිදුවූ විජයබා කොල්ලය සමග මේ තත්ත්වය වෙනස් විය .පෘතුගීසින් ලක්දිවට පැමිණෙන විට කෝට්ටේ පාලකයා වූයේ 8වන වීර පරාක්‍රමබාහු රජු වන අතර 8වන වීර පරාක්‍රමබාහු 1509දී මිය ගියේය .ඔහුගේ මරණයෙන් අනතුරුව කෝට්ටෙ බලයට පත්වූයේ ඔහුගේ පුත් 6වන විජයබාහු ය.6වන විජයබාහු තම පුතුන් තිදෙනාට හොරෙන් දේවරාජ නම් හදාවඩාගත් කුමාරයෙකුට රජකම ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම නිසා එම කුමන්ත්‍රණය දැනගත් 6වන විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වූ බුවනෙකබාහු ,රයිගම් බණ්ඩාර ,මායාදුන්නේ යන කුමරුවන් එවකට උඩරට රාජ්‍ය පාලකයා වූ වීදිය බණ්ඩාරගෙන් උපකාරක හමුදාවක් ලබාගෙන කැලණිය ප්‍රදේශයෙහි වාඩිලාගනු ලැබීය .අනතුරුව මාළිගෙට ඇතුළු වූ මෙම  කුමරුවන් සිය පියාව ඝාතනය කොට 1521දී  කෝට්ටේ ,රයිගම ,සීතාවක යනුවෙන් කොටස් තුනකට බෙදා පාලනය කිරීම ආරම්භ කිරීම ලංකා ඉතිහාසයේ විජයබා කොල්ලය නමින් හැදින්වේ .ඒ අතරින් වැඩිමහල් කුමාරයා වූ බුවනෙකබාහුට කෝට්ටේ රාජ්‍ය හිමි වූ අතර ඔහු 7වන බුවනෙකබාහු නමින් කෝට්ටේ බලයට පත් විය .දෙවැන්නා වූ රයිගම් බණ්ඩාරට රයිගම් රාජ්‍ය හිමි වූ අතර ලාබල රණ්ශූරී පාලකයා වූ මායාදුන්නේට සීතාවක රාජ්‍ය හිමි විය . 

ව්ජයබා කොල්ලය සමග මෙසේ කෝට්ටේ රාජ්‍ය කොටස් වලට කැඩී යාම පෘතුගීසින්ට මෙරට බලය ස්ථාපිත කිරීම කෙරෙහි මහගු පිටුවලක් සපයනු ලැබීය .

Comments

Popular posts from this blog

පෘතුගීසි පාලනයේ ප්‍රධාන ප්‍රතිඵල

පෘතුගීසින් පැමිණෙන විට මෙරටට දේශපාලනය

පෘතුගීසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීම.