පෘතුගීසි පාලනයේ ප්‍රධාන ප්‍රතිඵල
ශත වර්ෂ එක හමාරක් පමණ කාල පරිච්ඡේදයක් පැවති පෘතුගීසි පාලනය හේතු කොටගෙන මෙරට දේශපාලනික ආර්ථික ආගමික සමාජීය සංස්කෘතික යන සෑම කේෂ්ත්‍රයේම වෙනස්කම් රාශියක් හේතු වී තිබේ.
ක්‍රමක් ක්‍රමයෙන් පහතරට මුහුදු බඩ ප්‍රදේශවල සිය ආධිපත්‍යය ව්‍යාප්ත කරන විට පහතරට මුහුදු බඩ ප්‍රදේශ වල පැවති පාරම්පරික රාජාණ්ඩු ක්‍රමය ක්‍රමයෙන් දුර්වල තත්ත්වයකට පත් වී අවසානයේ බිද වැටීමකට ලක් විය.
එනම් 1527දී කෝට්ටේ පාලක බුවනෙකබාහු පෘතුගීසි ආධාර පැතූ අතර ඒ තුලින් මුහුදු බඩ ප්‍රදේශයෙහි දේශිය රාජාණ්ඩු ක්‍රමය ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වූ අතර 1551බුවනෙකබාහුගේ මරනයෙන් අනතුරුව බලයට පත් වූ ධර්මපාල කුමරු පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ බලයට පත් වීමත් පෘතුගීසින්ගේ අතකොලුවක් බවට පත් වීමත් 1565 කෝට්ටේ අතහැර පෘතුගීසින්ගේ බලකොටුව වූ කොළඹ කොටුවට පැන යාමත් සමග දේශීය රාජාණ්ඩු ක්‍රමය දුර්වල විය.
ක්‍රි.ව. 1580දී ධර්මපාලගේ තෑගි ඔප්පුවට අනුව 1597ධර්මපාලගේ මරණයත් සමග 1597මල්වානේ ඇති කරගත් මල්වානේ ගිවිසුමට අනුව පෘතුගීසින් පහතරට මුහුදු බඩ ප්‍රදේශ සම්බන්ධයෙන් නීත්‍යානුකූල දේශපාලනය අයිතියක් හිමි වීම නිසා මුහුදු බඩ ප්‍රදේශ වල දේශිය රාජාණ්ඩු ක්‍රමය බිද වැටුණු බව පැහැදිලිය.
පෘතුගීසින්ට විරුද්ධව වීරෝධාර
චරිත කිහිපයක් නිර්මාණය විය.එනම් වීදිය බණ්ඩාර ,මායාදුන්නේ, 1වන රාජසිංහ,1වන විමලධර්මසූරිය ඊට උදාහරණ වේ.පෘතුගීසින්ගේ පැමිණීම නිසා ඇතිවූ දේශපාලනික වෙනස්කම් අතර මෙරට පැවති කඩු හෙල්ල වැනි සාම්ප්‍රදායික අවි ආයුධ වෙනුවට තුවක්කු වැනි නවීන අවි ආයුධ භාවිතා කිරීම නිෂ්පාදනය කිරීම අලුත් වැඩියා කිරීම පිළිබඳ කාර්මික ඥාණයක් වර්ධනය විය.
පෘතුගීසි පාලනය හේතුකොටගෙන මෙරට ආර්ථික කේෂ්ත්‍රයේ වෙනස්කම් රාශියක් ඇතිවී තිබේ.පෘතුගීසින් මෙරට සංක්‍රමණය වීම කෙරෙහි බලපෑ හේතු සාදක විමසීමේදී 1498දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබසිනු ලැබු වස්කෝදගාමා ප්‍රකාශ කරනු ලැබුවේ "අපි මෙහි පැමිණියේ කුළු බඩු සහ ක්‍රිස්තියානි කාරයන් සොයාය". යනුවෙන් සදහන් කර තිබීමෙන් පෘතුගීසින් පෙරදිගට පැමිණිමේ පරමාර්ථ අතර ආර්ථික පරමාර්ථ වූ බව පැහැදිලිය .වාණිජ බෝග වගාවන්හි ඇතිවූ වර්දනයත් සමග වෙළදාමෙහි ඇති වූ වර්දනයත් සමග මුදල් භාවිතය වැඩි විය.
පෘතුගීසින් පැමීනීමත් සමග මෙරට සංස්කෘතික සමාජීය කේෂ්ත්‍රයේ ද වෙනස්කම්ද රාශියක් ඇති විය.එහිදී පහතරට සිංහල හා උඩරට සිංහල වශයෙන් සමාජයේ බෙදීමක් ඇති විය.නත්තල් උත්සව වැනි උත්සව ආරම්භ වීමත් කැරොල්,පල්ලියේ ඇතිවූ ඉරිදා පාසල් වලට අනුයුක්තව ක්‍රිස්තියානි ආගමික සිරිත් විරිත් ව්‍යාප්ත වීම බටහිර අධ්‍යාපන ක්‍රමයේ ආභාශය ලැබිණි.
ආහාර පාන ඇදුම් පැළදුම් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ආදි සෑම අංශයක් කෙරෙහිම පෘතුගීසි පාලනය බලපා තිබේ.පාන් ,බනිස් ,විස්කෝතු අච්චාරු,දෝසි ආදියත් ඇදුම් පැළ්දුම් අතර කමිස කලිසම් කබා කෝට් කිමෝනා භාවිතය සිදුවිය.
එසේම ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාශය ලැබුණු අතර මේස,පුටු,බංකු,කනප්පු,ආදිය භාවිත කිරීම සාම්ප්‍රදායික නැටුම් වෙනුවට ආලිංගන නැටුම් එක් වීම ස්ංගීත කේෂ්ත්‍රයේ ඇති වූ වෙනස්කම් අතර වාදන භාණ්ඩ භාවිතය බයිලා ,කපිරිඥා ආදිය ව්‍යාප්ත වීම සිදු විය.නෝනා මහත්තයා වැනි අනුවර්තන නාම අතට අත දීම චාරිත්‍ර වාරිත්‍ර ව්‍යාප්ත වීම දැකිය හැකිය.ඒක භාර්‍යා ඒක පුරුෂ විවාහ ,මත් පැන් පානය හරක් මස් ආහරය ගැනීම ප්‍රචලිත විය.ලුවිස්.ජෝන් සිල්වා ප්‍රනාන්දු පෙරේරා ජේමිස් අල්විස් ආදි නම් භාවිත වීම දක්නට ලැබේ.
මේ අනුව පෘතුගීසි බලපෑම යටතේ මෙරට සෑම කේෂ්ත්‍රයකම වෙනස්කම් රාශියක් ඇති වී ඇති බව පැහැදිලිය.
Comments
Post a Comment