පෘතුගීසින් පැමිණෙන විට මෙරටට දේශපාලනය

ඉන්දියාවට පැමිණි ප්‍රැන්සිස්කෝද  අල්මේදාගේ පුතෙකු වූ ලොරොන්සෝද අල්මේදා ප්‍රමුඛ නාවුක කණ්ඩායමක් 16වන ශතවර්ෂයේ මුල් දශකයේ එනම් 1505දී ලංකාවේ ගාලු වරායට ගොඩබසින ලදී.
ක්‍රි.ව 1415 කෝට්ටේ බලයට පත් වූ 6 වන පරාක්‍රමබාහු රජු ඒ වන විට කෝට්ටේ රාජදානියේ ස්වාධීව පැවති කන්ද උඩරට රාජ්‍ය යාපන රාජ්‍ය හා දහඅට වන්නි ප්‍රදේශ යටපත් කොට ලංකාව එක්සේසත් කරනු ලැබීය .නමුත් පෘතුගීසින් ලක්දිවට පැමිණි 16වන ශතවර්ෂයේ මුල් දශකයේ ලංකාවේ දෙශපාලනික ඒකාබද්ධතාවය පිරිහී ගොස් තිබිනි.එනම් නැවත කෝට්ටේ ,කන්දඋඩරට, යාපනය  යනුවෙන් ප්‍රධාන රාජ්‍ය තුනකටත් තවත් ප්‍රදේශ රාශියක් වන්නිවරු යටතේ ස්වාධීනව පැවතිණි .මේ කාලය වන විට බලවත්ම ප්‍රධාන රාජ්‍ය වූයේ කෝට්ටේ රාජ්‍යයයි .කෝට්ටේ රාජ්‍යයෙහි පෘතුගීසින් පැමිණෙන විට පාලකයා වූයේ 8 වන වීර පරාක්‍රමබාහු රජුය.කෝට්ටේ රාජ්‍ය ආශ්‍රිතව අලි ඇතුන් ගැවසෙන භුමි ප්‍රදේශ රාශියක් ඊට අයත් වීම නිසා ආර්ථික වශයෙන් ද ශක්තිමත් විය.
පෘතුගීසින් ලංකාවට පැමිණෙන කාලවකවානුව වන විට පරරාජසේකරම් නම් රජු යටතේ යාපන රාජ්‍ය ස්වාධීනව පැවතිණි .යාපන රාජ්‍ය අගනගරය යාපාපටුන වුවත් පෘතුගීසින් ලක්දිවට පැමිණෙන විට නල්ලූර් එහි අගනගරය විය .
ඉහත ප්‍රධාන රාජ්‍ය හැරුණු විට යාපන රාජ්‍ය හා මහනුවර රාජ්‍ය අතර පොදුවේ වන්නි නමින් හැදින්වුණු ස්වාධීන රාජ්‍ය රාශියක් විය .මේවා වන්නියාර් නම් අධිපතියකු යටතේ පාලනය විය.නැගෙනහිර වෙරළේ ත්‍රිකුණාමලය ,කොට්ටියාරම,මඩකලපුව ,යාල,පානම,පාලුගමා ආදියත් බටහිර වෙරළේ පුත්තලමත් ඒ අතර ප්‍රධාන වේ.

Comments

  1. දැනුම මුවහත් කරගන්න උදව් වෙන වටින කරුණු කොටසක්..නියමයි..👌

    ReplyDelete
  2. Nodanna karunu denagayhtha...gdk vatinwa

    ReplyDelete
  3. වැදගත් ලිපියක්

    ReplyDelete
  4. ගොඩක් වැදගත්
    වැදගත්

    ReplyDelete
  5. ඉතාමත් ප්‍රයෝජනවත්

    ReplyDelete
  6. මේක ගොඩක් වැදගත් ලිපියක් 👍👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පෘතුගීසි පාලනයේ ප්‍රධාන ප්‍රතිඵල

පෘතුගීසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීම.